Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2022 12:49:04 Hours

51 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

යාපනය, කෝපායි ප්‍රදේශයේ පිහිටි 51 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු පසුගිය සිකුරාදා (7) දින එම සේනාංක මුලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි කටයුතු භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් 51 වන සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි. අනතුරුව, මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදී.

අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් 51 වන සේනාංකයේ සියළුම නිලධාරින් සහ සෙසුනිලයන් අමතන ලදී. මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.