Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2022 12:00:04 Hours

59 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විශේෂ බලකායේ මේජර් ජෙනරල් මහින්ද රණසිංහ පසුගිය බ්‍රහස්පතින්දා (6) දින නන්දිකඩාල් හි පිහිටි 59 වන සේනාංක මුලස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් 59 වන සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් මහින්ද රණසිංහ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් 59 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

පසුව, නව සේනාංකාධිපතිතුමන් 59 වන සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන් සතු දැක්ම පිළිබඳ නිලධාරින් සහ සෙසුනිලයන් අමතා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව සඳහා 59 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.