11th October 2022 13:10:51 Hours
දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු වසංගත මර්ධන වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 සහ 61 වන සේනාංකයන් යටතේ සේවයේ නියුතු භටපිරිස් 2022 ඔක්තෝබර් මස 03 දින සිට 05 දින දක්වා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාල 17 ක් ඇතුළු ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බලප්‍රදේශයේ පිහිටි දිස්ත්‍රික්ක 5 ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දැක්වීය.
මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මෙන්ම 14 හා 61 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරිණි.
මෙම වැඩසටහන යටතේ සෞඛ්‍ය සේවකයින් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන් යුද්ධ හමුදා භටපිරිස් සමඟ එක්ව නිවාස, රජයේ සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් පොදු ස්ථානයන්හී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථානයන් පරීක්‍ෂා කළහ.
මෙම වැඩසටහන සඳහා 14 සහ 61 වන සේනාංකයන්හී යුද්ධ හමුදා සාමාජිකයින් 60 ක් මෙන්ම වෛද්‍ය නිලධාරීන්, එක් එක් ප්‍රදේශයන්හී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන් කිහිපදෙනෙකු ද සිය දායකත්වය දැක්වූහ.