11th October 2022 13:21:08 Hours
කොකාවිල් පිහිටි 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘දැනුම් පියස’ පුස්තකාලය වෙත පසුගියදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙතින් පොත් පරිත්‍යාගයක් ලැබිණි.
කිලිනොච්චියේ පිහිටි 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ කලණ චන්දිමාල් වාකිෂ්ඨ මහතා විසින් එම කඳවුරේ පිහිටි ‘දැනුම් පියස’ පුස්තකාලය වෙත මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.
යුද්ධ හමුදා සාමාජිකයන් අතර පොත් කියවීමේ පුරුද්ද වැඩිදියුණු කිරීමට සහ ඩිජිටල්කරණයෙන් පුද්ගලයින් මුදවා ගැනීමේ සහ කියවීමේ පුරුද්ද ඇතිකිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී විසින් පොත් තොගය ලබා ගත් අතර පරිත්‍යාගශීලියා වෙත සිය ස්තූතිය පුදකරන ලදී.