11th October 2022 13:13:18 Hours
ලෝක ළමා දින සැමරුම් උත්සවයට සමගාමීව, දකුණු සුඩානයේ වෛද්‍ය සේවයේ නියුතු 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ සාමසාධක භටපිරිස් විසින් දකුණු සුඩානයේ, බෝර් ප්‍රදේශයේ අවතැන්ව නේවාසිකව සිටින ළමුන් සඳහා පසුගිය අඟහරුවාදා (4) දින පොත්පත් සහ පාසල් උපකරණ පරිත්‍යාගයක් සිදුකරන ලදී.
දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.එම්. නිෆ්ලාර්ගේ (Lieutenant Colonel N.M Niflar) මඟපෙන්වීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුමේ (UNMISS) CIMIC අංශයේ සහයෝගය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.