11th October 2022 12:58:41 Hours
73 වන යුද්ධ හමුදා සංවත්සරයට හා ලෝක ළමා දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් හොරණ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල ශ්‍රී සුමනරතන නායක හිමිපාණන් විසින් ලබාදුන් අනුග්‍රහකත්වය මත පසුගිය සඳුදා (03) දින පොළොන්නරුව/ දිඹුලාගල කාශ්‍යප විද්‍යාලයේ සිසු සිසුවියන් සහ ගුරු භවතුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමිණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් ලබාදුන් උපදෙස් සහ අධීක්‍ෂණය මත 09 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් එම පාසල් පරිශ්‍රයේදී මෙම දිවා භෝජන සංග්‍රහය පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා සිසු සිසුවියන් 550 දෙනෙක් හා ගුරු මණ්ඩලයේ හා අනධ්‍යයන සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 32 දෙනෙකු සහභාගී වූහ. එහිදී, ඔවුන් සියලුදෙනා යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සිය ස්තූතිය පුදකරන ලදී.
මේ අතර, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ද ලෝක ළමා දිනය වෙනුවෙන් පසුගිය සඳුදා (03) දින උත්තුච්චිනායි පිහිටි මඩකලපුව/ වීරනගර් විද්‍යාල පරිශ්‍රයේදී එම පාසලේ සිසු සිසුවියන් වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ.
මෙම දිවා භෝජන සංග්‍රහය සඳහා සිසු සිසුවියන් 160 දෙනෙක් සහ ගුරු භවතුන් හා අනධ්‍යයන සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනෙකු එක්වූහ. පල්ලෙකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති කැටකුඹුරේ ධර්මාරාම හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත පැවැත්වූ මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහභාගී වූවේය. එමෙන්ම, 23 වන සේනාංකයේ සේනාංකාධිපති, 232 වන බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.
මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ පල්ලෙකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති කැටකුඹුරේ ධර්මාරාම හිමිපාණන් ද මෙම අවස්ථාව සඳහා වැඩම කළේය.