11th October 2022 13:01:17 Hours
62 වන සේනාංකය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සහ ප්‍රසාද් ලොකුබණ්ඩාර මහතා විසින් සිදුකරනු ලැබූ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ඇහැටුගස්වැව විද්‍යාලය සහ පදවි ශ්‍රීපුර යාය 11 - 12 සමන්පුර යන විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන සිසුවියන් දැනුවත් කිරීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහනක් 2022 සැප්තැම්බර් 29 වන දින පවත්වන ලදී.
එමෙන්ම, අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා මනෝචිකිත්සක ඒකකයේ වෛද්‍ය දිනුක වීරසිංහ විසින් ‘පැහැසරණි 2022’ වැඩසටහන යටතේ ‘වැඩිවියට පැමිණිම සහ නව යොවුන් මනස’ යන තේමාව ඔස්සේ මනෝවිද්‍යාත්මක දේශනයක් පැවැත්වූ අතර, එහිදී පාසල් සිසුවියන් 250 දෙනෙකු අතර රුපියල් 530,000/= ක වටිනාකමින් යුත් සනීපාරක්‍ෂක තුවා පාර්සල් පරිත්‍යාග කරන ලදී.
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ අධීක්‍ෂණය යටතේ 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉනොජ් හේරත් විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරන කරන ලදී. ඒ අනුව, ලුතිනන් කර්නල් එම්.එස්. මුණසිංහ ගේ උපදෙස් මත 9 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.