11th October 2022 13:23:53 Hours
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද සැප්තැම්බර් මස 27 දින සිට 29 දින දක්වා එම ඉදිරි නඩත්තු පෙදෙස යටතේ ස්ථාපිත ඒකකයන්හී නිල සංචාරයක නිරත විය.
ඒ අනුව, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, 3 වන ඉංජිනේරු සේවා බලකාය, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරය කරමින් එම ඒකකයන්හී සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන්ගේ අවශ්‍යාතාවයන් සහ අනෙකුත් පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලුවේය.
මෙම සංචාරය සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්වූහ.