09th October 2022 18:52:32 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලිය - 2022 පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී 2022 ඔක්තෝබර් මස 7 දින සිට 9 දින දක්වා පැවැත්විණි.
ඉංජිනේරු බලකායේ ඒකකයන් 13 ක් නියෝජනය කරමින් භටපිරිස්හී සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහභාගී විය.
මෙම තරඟාවලියේ ප්‍රථම ස්ථානය 5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකාය විසින් දිනාගත් අතර 16 වන වැඩපළ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය දෙවන ස්ථානයත් 14 වන රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර බලඝණය තෙවන ස්ථානයත් දිනාගත්හ.
මෙම තරඟාවලියේ හොඳම ඛණ්ඩභාර නිලධාරියා ලෙස 16 වන වැඩපළ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කපිතන් ඩබ්ලිව්.ඒ.ආර්.කේ. ඒ වික්‍රමසිංහ සම්මාන දිනාගත් අතර දක්‍ෂතම සරඹ උපදේශකට හිමි සම්මානය 9 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් ජේ.එම්. සුමනදාස විසින් දිනාගත්තේය.
අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ ශූරතාවය 5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකාය විසින් දිනාගත් අතර ඒ සඳහා හිමි ත්‍යාගය එම ඒකකයේ අණදෙන නිළධාරිතුමන් විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ සුරතින් ලබාගන්නා ලදි.
මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය ඉරිදා (09) දින පැවති අතර එම උත්සවය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, අණදෙන නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.