Header

Sri Lanka Army

Defender of the Nation

08th October 2022 19:23:01 Hours

අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා සහ නායකත්ව පුහුණු වැඩසටහනක්

දිවයින පුරා ස්ථාපිත රජය විසින් පවත්වාගෙන යනු ලබන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පුහුණු කිරීමේ පාසල්වල අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වෙනුවෙන් සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2022 අගෝස්තු මස 30 දින සිට සැප්තැම්බර් මස 30 දින දක්වා මාසයක් පුරාවට ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවක් සහ නායකත්ව පුහුණු පාඨමාලාවක් පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත මෙම ඉංග්‍රීසි භාෂා සහ නායකත්ව පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

මෙම පුහුණු වැඩසටහන සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පුහුණු කිරීමේ පාසල් නියෝජනය කරමින් අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 321 දෙනෙකු සහභාගී වූ අතර එහිදී, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම සහ පෞරුෂ සංවර්ධනය කිරීම, පුද්ගල ආකල්ප සහ හැසිරීම් පිළිබඳ ඉගැන්වීම් සිදුකරන ලදී.

මෙම පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 30 දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක නියෝජනය කරමින් නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහභාගී විය. එම අවස්ථාවේදී, පාඨමාලාවේ උපදේශක මණ්ඩලය වෙත ඇගයීම් සංකේතයන් ලෙස සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.