Header

Sri Lanka Army

Defender of the Nation

08th October 2022 21:53:40 Hours

මන්නාරම යුද්ධ හමුදා භටපිරිස් ලංගම බස් රථයක තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය සොයාගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක බුද්ධි අංශයේ භටපිරිස් සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව මන්නාරම ප්‍රදේශයේ යොදවා තිබූ මාර්ග බාධකයකදී පසුගිය සිකුරාදා (07) දින රුපියල් 461,500/= ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 71.59 ක ප්‍රමාණයක් සොයාගනු ලැබූහ.

තලෙයිමන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් තුළ තිබී හිමිකරුවෙකු රහිත මෙම අයිස් මත්ද්‍රව්‍ය පාර්සලය මාර්ග බාධකයේ සිදුකළ පරීක්‍ෂාවකදී රාත්‍රී 10.00 ට පමණ සොයා ගන්නා ලදී. යුද්ධ හමුදා භටපිරිස් විසින් එම මත්කුඩු තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.

එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ප්‍රශ්න කිරීම සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත රැගෙන යනු ලැබීය.