Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2022 12:30:53 Hours

දියතලාවේ පැවති අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් තරඟාවලිය - 2022 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් තරඟාවලිය - 2022 සැප්තැම්බර් මස 16 සහ 17 දිනයන්හිදී දියතලාව Colonial Buitt ගොල්ෆ් පිටියේදී පැවති අතර ඒ සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 67 දෙනෙකු සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ගේ ආරාධනාවකට අනුව මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රධානොත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී වූවේය.

තරඟාවලියේ පිරිමි කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ගොල්ෆ් ක්‍රීඩකයින් සමත් වූ අතර අනුශූරතාවය ගැමුණු හේවා බලකායේ ගොල්ෆ් ක්‍රීඩකයින් විසින් දිනාගත්හ. කාන්තා කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ක්‍රීඩිකාවන් සහ අනුශූරතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කණ්ඩායම විසින් දිනාගත්හ.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.