Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2022 13:10:53 Hours

66 වන සේනාංකයට නව පහසුකම් සහිත ගොඩනැගිලි සංකීර්ණයක්

නන්දිකඩාල් පිහිටි 66 වන සේනාංක මූලස්ථානයේ පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටුකරමින් එම සේනාංක මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව පහසුකම් සහිත ගොඩනැගිල්ල පසුගිය සඳුදා (3) දින විවෘත කරන ලදී.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජානක ප්‍රියදර්ශන ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී විය.

මෙම නව ගොඩනැගිලි සංකීර්ණය, මැහුම්හලක්, කරණවෑමිහලක් සහ අංග සම්පූර්ණ කායවර්ධන ශාලාවකින් සහ තවත් පහසුකම් රැසකින් සමන්විත වේ.

66 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් ඉදිරියේ මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටියක් කපා නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන ලදී.