Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2022 15:52:43 Hours

නික්මයන 22 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ට එම සේනාංකයේ ගෞරවාචාර

22 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවා නික්ම යන මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය බදාදා (28) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම මූලස්ථාන සරඹ භූමියේදි හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ එක්විය.

එම උත්සවයෙන් අනතුරුව පසු දින පැවති දිවා භෝජන සංග්‍රහයේදී නික්ම යන 22 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුදකරමින් එම සේනාංකයේ සියළු නිලයන් විසින් එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම දිවා භෝජන සංග්‍රහය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 23 සහ 24 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, සියලුම බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ නිලධාරින් පිරිසක් එක්වූහ.