Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2022 15:59:10 Hours

යුද්ධ හමුදා භටපිරිස් මන්නාරම රෝහලේ වාට්ටුවක් ප්‍රතිසංස්කරණය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස් විසින් මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වාට්ටු අංක 11 ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.

ප්‍රදේශයේ දානපතියන් විසින් ලබාදුන් දායකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් එම රෝහල් වාට්ටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබූහ.

ප්‍රතිසංස්කරණය කරනු ලැබූ එම රෝහල් වාට්ටුව 54 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් 2022 සැප්තැම්බර් මස 29 දින නිල වශයෙන් රෝහල් බලධාරීන් වෙත භාර දෙන ලදී.