04th October 2022 13:18:52 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භටපිරිස් විසින් පිරමන්තන් ආරු විද්‍යාලය, නෙතලි ආරු විද්‍යාලය, පුන්න නිරාවි විද්‍යාලය සහ විශ්වමඩු මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට පාසල් උපකරණ සහ සිවිල් වැසියන් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (30) දින පැවැත්විණි.
14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව සහ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා කුරුණෑගල, උමංදාව විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සමන්ත භද්‍ර හිමිපාණන්ගේ අනුග්‍රහකත්වය හිමිවිය.
මෙම වැඩසටහනට සමගාමීව මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ ඉල්ලීමකට අනුව 2022 සැප්තැම්බර් මස 29 දින මූල දීප විහාරස්ථානයේ දී පූජ්‍ය සමන්ත්‍ර බද්‍ර හිමිපාණන් අනුශාසනාවක් සිදුකරමින් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය සහ මහජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳ දේශනා කරනු ලැබීය. ඉන් අනතුරුව, එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් අතර වියළි සලාක පාර්සල් 75 ක් බෙදා දෙන ලදී.
මෙම වැඩසටහන සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප‍්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් වසන්ත පාලමකුඹුර, 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගම්ලත්, 572 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කමල් අමරසිංහ, 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සම්පත් ප්‍රසන්න, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ධර්මපුරම් සහ පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයන්හී ස්ථානාධිපතිවරුන්, විශ්වමඩු මහා විද්‍යාලයේ විදුහල්පති සහ ගුරු භවතුන් ද එක්වූහ.