Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2022 13:14:23 Hours

යුද්ධ හමුදා භටපිරිස්හී මූලිකත්වයෙන් වියළි සලාක පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය මත පසුගිය සෙනසුරාදා (1) දින කුරුණෑගල, හිඳගොල්ල ශ්‍රී ධර්මාලෝක විහාරස්ථාන පරිශ්‍රයේදී අවශ්‍යතා සහිත සිවිල් වැසියන් අතර වියළි සලාක පාර්සල් 160 ක් බෙදාදෙනු ලැබීය.

එක් වියළි සලාක පාර්සලක වටිනාකම රුපියල් 5000.00 ක් පමණ වූ අතර එම වියළි සලාක පාර්සල් සහල්, පරිප්පු, ධාන්‍ය වර්ග, කිරිපිටි, තිරිඟු පිටි ආදියෙන් සමන්විත විය. මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ දානපතියෙකු වන රංජිත් සිරිවර්ධන මහතා විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත භටපිරිස් විසින් හිඳගොල්ල ශ්‍රී ධර්මාලෝක විහාරස්ථාන පරිශ්‍රයේදී මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් ශ්‍රී ධර්මාලෝක විහාරස්ථානයේ විහාරාධිපති, 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක, හිඳගොල්ල දිගම්පිටිය විද්‍යාලයේ විදුහල්පති, ගම්වාසීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද සිය සහයෝගය දැක්වූහ.