Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2022 13:02:57 Hours

අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ජ්‍යෙෂ්ඨ නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව සාර්ථකව අවසන්

යුද්ධ හමුදා නිත්‍ය හා ස්වේච්ඡා බළකායන්හී ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 81 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ජ්‍යෙෂ්ඨ නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව පසුගිය සෙනසුරාදා (1) දින අවසන් විය.

යුද්ධ හමුදා ක්‍රියා පටිපාටීන් වලට අනුකූලව සෙසුනිලයන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සතු නිපුණතාවයන් සහ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව පැවැත්විණි.

පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගත් 8 වන සන්නද්ධ බුද්ධි බළකායේ බළලත් නිලධාරී II, අයි.එම්.ඩබ්ලිව්.ජේ. ඉද්දමල්ගොඩ වෙත සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් මුනිපුර ගේ සුරතින් සහතික පත් ප්‍රදානය කරන ලදී.