04th October 2022 13:11:14 Hours
‘සමකාලීන සිද්ධි අධ්‍යනය’ තේමාව ඔස්සේ පැවැත්වෙන භඨකාර්ය සම්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ අදියර - 1 හි සමාරම්භය 2022 සැප්තැම්බර් මස 27 දින කන්කසන්තුරේ යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාව සඳහා සහකාර භඨකාර්ය සම්පාදක නිලධාරින්, මේජර් නිලයේ නිලධාරින් (පාලන හා භඨකාර්ය සම්පාදන), බලඇණි දෙවන අණදෙන නිලධාරින් සහ අණදෙන නිලධාරින් ද සහභාගී වූහ.
ප්‍රධාන වශයෙන් අදියර 3 ක් යටතේ ආවරණය කෙරෙනු ලබන මෙම වැඩමුළුව ඒකකයන්හී සිදුකරනු ලබන මූලධන සේවා සහ පාලන රාජකාරි, සලාක සහ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටි, උපකරණ, වාහන නඩත්තු කිරීම සහ හමුදා විනය පවත්වාගෙන යාම යන කරුණු පිළිබඳ දැනුවත් කිරීම සහ ඊට අදාළ කරුණු සාකච්ඡාවට බඳුන් කරමින් පැවති මෙම වැඩමුළුව සඳහා නිලධාරීන් 16 දෙනෙකු සහභාගී වූහ.
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ගේ සංකල්පයකට සහ මඟපෙන්වීම් මත ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් සොයිසා ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩමුළුව පැවැත්විණි. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු වෙතින් මෙම වැඩමුළුවේ සංවිධාන කටයුතු සිදුකරන ලදී.
මෙම වැඩමුළුවේ සමාරම්භක දේශනය ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් සොයිසා විසින් සිදුකරන ලදී.
මෙම වැඩමුළුවේ ආරම්භය සනිටුහන් කරමින් 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, 4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය යන ඒකකයන් නියෝජනය කරමින් අණදෙන නිලධාරින් සහ දෙවන අණදෙන නිලධාරින් මෙන්ම යුද්ධ හමුදා මූලික රෝහලේ නිලධාරින් විසින් දේශන මාලාවක් පැවැත්වූහ.