Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2022 21:46:33 Hours

අන්තර් රෙජිමේන්තු මේසපන්දු තරඟාවලිය - 2022 සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේසපන්දු කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මේසපන්දු තරඟාවලිය - 2022, යුද්ධ හමුදා රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 16 ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 26 දින සිට 28 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය ගජබා රෙජිමේන්තු කණ්ඩායම විසින් දිනාගත් අතර, ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩකයින් විසින් අනුශූරතාවය දිනා ගන්නා ලදී. කාන්තා අංශයේ ශූරතාව ශ්‍රී ලංකා සංඥා බලකායේ කාන්තා කණ්ඩායම විසින් දිනාගත් අතර, එහි අනුශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම හිමිකර ගන්නා ලදී.

තරඟාවලියේ පිරිමි අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල ඩබ්ලිව්.ආර්.එම් ප්‍රියංකර සහ කාන්තා අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ කාන්තා සංඥා සෙබල ටී.එන් රොඩ්‍රිගො සම්මාන හිමිකර ගත්හ.

පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් මස (28) දින පැවැත්වූ මෙම මේසපන්දු තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා සහභාගී වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් ලලිත් හේරත් ඇතුළු තවත් සම්භාවනීය ආරාධිතයින් රුසක් සහභාගී වූහ.

ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේසපන්දු කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රොබින් බෙන්ජමින්ගේ උපදෙස් මත සංවිධානය කරන ලදී.