Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2022 20:17:11 Hours

ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් නව ළමා ගීතයක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නව ළමා ගීතයක් නිර්මාණය කරන ලදී.

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.බී බෙන්ජමින් සහ එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන්ගේ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩල‍යේ පෙරදිග සංගීත කණ්ඩායමේ සාමාජිකයින් විසින් මෙම ගීතය ගායනා කරන ලදී.

ඩී.කේ ධම්මිකා වසන්ත කුමාරි මහත්මියගේ පද රචනෙයෙන්, මේජර් බුද්ධික වන්නිනායකගේ තනු නිර්මාණයෙන් සහ සංගීත අධ්‍යක්‍ෂණයෙන් මෙම ළමා ගීතය නිර්මාණය කරන ලදී.

මෙම ගීතයේ වීඩියෝකරණ සහ සංස්කරණ කටයුතු ලාන්ස් කෝප්‍රල් එම්. ලක්‍ෂාන් මෙන්ම ශබ්ද පරිපාලන කටයුතු කෝප්‍රල් එස්. හේරත් සහ නර්තන කටයුතු යුද්ධ හමුදා නර්තන කණ්ඩායම විසින් සිදුකරමින් මෙම ගීතය වර්ණවත් කරනු ලැබීය.

මේජර් සෙනාධීර ජයරත්න විසින් මෙම ගීතයෙහි දෘෂ්‍ය පිටපත නිර්මාණය කර ඇති අතර, භාෂි මෙග්නා වන්නිනායකගේ සහ සනුකි චනුල්යා වන්නිනායක ගේ රංගනයෙන් මෙම ළමා ගීතය වර්ණවත් විය.

මෙම නව ළමා ගීතයේ වීඩියෝ පටය පහතින් නැරඹිය හැක.