Header

Sri Lanka Army

Defender of the Nation

30th September 2022 12:01:35 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර 28 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් මාලාවක්

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ 28 වන සංවත්සර දිනයට සමගාමීව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද ගේ උපදෙස් මත පසුගිය බදාදා (14) දින සැමරුම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.

එම සංවත්සර දිනයට සමගාමීව සෝමාවතිය රජමහා විහාරස්ථානයේදී බුදු රජාණන් වහන්සේ උදෙසා ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී ධජයන් වෙත ආශිර්වාද එක්කරන ලදී. එදිනම, මින්නේරිය දේවාලයේදී විශේෂ පූජාවක් ද පැවැත්වීය.

එමෙන්ම, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර භටපිරිස් විසින් මින්නේරිය වැව නැරඹීම සඳහා පැමිණෙන පුද්ගලයින් විසින් එම වැව ආශ්‍රිතව ඉවතලන ලද අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක්ද සිදුකරනු ලැබූහ.