02nd October 2022 11:56:09 Hours
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) බ්‍රහස්පතින්දා (29) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
මෙම සුහද හමුව අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකයින් වෙත සිය සුබපැතුම් එක්කිරීමෙන් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශවීය වශයෙන් වැදගත්වන කරුණු සහ අන්‍යෝන්‍ය වශයෙන් පවතින අවශ්‍යතාවයන් පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබීය. තවද, දෙරටේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීම මෙන්ම අත්දැකීම් හා තාක්‍ෂණික දැනුම හුවමාරු කරගැනීමේ
හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.