30th September 2022 12:34:40 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය භටපිරිස් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යාපනය ප්‍රදේශයේ වරනියත්තල්හි ඇමරිකන් මිෂන් දමිළ මිශ්‍ර විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාසල් සිසුසිසුවියන්ගේ පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ‘Korea Friends of Hope International Sri Lanka’ (KFHISL) රාජ්‍ය නොවන සංවිධානයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත රුපියල් මිලියන 1.5 ක වටිනාකමකින් යුත් ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත 52 වන සේනාංක මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ 522 වන බලසේනාවේ භටපිරිස් විසින් එම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපනය කිරීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබාදෙනු ලැබූ අතර, ඒ සඳහා ඇමරිකන් මිෂන් දමිළ මිශ්‍ර විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ ද සහයෝගය හිමිවිය. මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගිය බදාදා (28) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහභාගි වුවේය.
එම උත්සව අවස්ථාව සඳහා ‘Korea Friends of Hope International Sri Lanka’ රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති සන් බොන්ග් චොයි (Sun Bong Choi) මහතා, එම සංවිධානයේ ලේකම් ලසිත නානායක්කාර මහතා, 52 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී , 521 වන බලසේනාවේ බලසේනාධිපති, 15 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, නිලධාරීන්, ඇමරිකන් මිෂන් දෙමළ මිශ්‍ර විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුභවතුන්, සිසු සිසුවියන් සහ දෙමාපියන් ද සහභාගී වූහ.