02nd October 2022 11:48:40 Hours
මාතෘභූමියේ සුපරීක්‍ෂාකාරී ආරක්‍ෂකයින් වන කමාන්ඩෝ භටපිරිස් මව්බිම වෙනුවෙන් සිදුකරනු ලබන අසමසම සහ නිර්භීත කාර්යභාරය ඇගයීමට ලක්කරමින් කළුතර ප්‍රදේශයේ පරිත්‍යාගශීලී පවුලක සාමාජිකයින් විසින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ අවශ්‍යතා සහිත කමාන්ඩෝ භටපිරිස් වෙත බෙදාදීමේ අරමුණින් පර්චස් 148 ක ප්‍රමාණයකින් යුත් ඉඩමක් කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත පරිත්‍යාග කරන ලදී.
ලංකා බැංකුවේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනී නීතිඥ ගයා ජයසිංහ මහත්මිය, විශේෂඥ වෛද්‍ය ඔකාවාස් චන්ද්‍රභානු ද අල්විස් මහතා සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටින විද්වත් පර්යේෂක පුෂ්පා වීරසිංහ මහත්මිය යන එකම පවුලේ දානපතියන් විසින් කළුතර, පයාගල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පියාගෙන් සහ මුතුන් මිත්තන්ගෙන් ලද රුපියල් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් මෙම ඉඩම කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරියෙක්, කමාන්ඩෝ භටයින් 10 දෙනෙක් සහ සිවිල් සේවක මහතෙකු වෙත බෙදාදීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත පරිත්‍යාග කරනු ලැබූහ.
පර්චස් 148 ක ප්‍රමාණයකින් යුත් මෙම ඉඩමේ කොටස් කරන ලද ඔප්පු 12 ක් ප්‍රතිලාභීන් වෙත බෙදාදීම අඟහරුවාදා (27) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූවේය.
යුද්ධ හමුදා සාමාජිකයින් කැපවීමෙන් දුෂ්කර කාර්යභාරයන්හී නියැලී රාජකාරි කටයුතු සිදුකරනු ලබන අතර ඔවුන් වෙත සිදුකරනු ලබන මෙවැනි පරිත්‍යාගයන් තුලින් ඔවුන් සතු චිත්ත ධෛර්ය තවදුරටත් වැඩිදියුණු වන බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පරිත්‍යාගශීලීන් හමුවේ ප්‍රකාශ කරනු ලැබීය. පරිත්‍යාගශීලීන් වෙත සිය කෘතඥතාවය පුදකරනු ලැබූ යුද්ධ හමුදාධිපතිතුමන් මෙවැනි වටිනා පරිත්‍යාගයන් සිදුකිරීම වෙනුවෙන් පරිත්‍යාගශීලීන් වෙත සිය ප්‍රශංසාව ද පුදකළේය.
ලංකා බැංකුවේ ප්‍රධාන නීති නිලධාරිනී ලෙස සේවය කරන කාලයේදී නිර්භීත යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ඔවුන් සතු ඉඩම් පරිත්‍යාග කිරීමේ උදාර අරමුණ 2019 වසරේදි ගයා ජයසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර එවකට ලංකා බැංකුවේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කළ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණය මත කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය. කෙසේ වෙතත්, රට තුළ පැවති අනපේක්‍ෂිත තත්ත්වයන් සහ කොවිඩ් - 19 වසංගතය පැතිරීම හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ වනතෙක් සිදුකිරීමට නොහැකිව පැවතිණි.
යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති මෙම ඉඩම් පරිත්‍යාග කිරීමේ උත්සවය සඳහා එක්වූ යුද්ධ හමුදාධිපති, නීතීඥ ගයා ජයසිංහ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ඔකාවාස් චන්ද්‍රභානු ද අල්විස් මහතා විසින් ප්‍රතිලාභීන් වෙත එම ඔප්පු බෙදාදෙනු ලැබූහ.
ඉඩම් ඔප්පු බෙදාදීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ. ඥානරත්න එන්ඩීයූ පීඑස්සී විසින් පරිත්‍යාගශීලින්ගේ ත්‍යාගශීලීත්වය වෙනුවෙන් ඔවුන් වෙත ප්‍රශංසා කළ අතර, ඔවුන් වෙත ඇගයීම් සංකේතයක් වශයෙන් විශේෂ සමරු තිළිණයන් ද ප්‍රදානය කළහ. ඉන් අනතුරුව, ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද පරිත්‍යාගශීලීන් සහ ප්‍රතිලාභීන් එක්වූහ.
වැඩසටහන සමාප්තියේ මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ. ඥානරත්න එන්ඩීයූ පීඑස්සී විසින් මවුබිමේ එ්කීයභාවය වෙනුවෙන් කටයුතු කරනු ලබන රණවිරුවන් කෙරෙහි දක්වනු ලැබූ කරුණාවන්ත බව සහ ත්‍යාගශීලීත්වය වෙනුවෙන් පරිත්‍යාගශීලීන් වෙත කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ කෘතඥතාව පුදකළේය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.