Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2022 16:55:30 Hours

ජාතික පාපන්දු කණ්ඩායමට තේරී පත් වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් තිදෙනෙකු හට කටාර්හි පුහුණුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට තේරී පත් වූ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.ඒ රහුමාන්, 2 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එම්.ජේ.ආර් මොහොමඩ් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල එස්.ඩී ජයසේකර යන ක්‍රීඩකයින් තිදෙනා ජාතික පාපන්දු කණ්ඩායම සමඟින් පාපන්දු පුහුණු සැසියක් සඳහා කටාර් රාජ්‍යය බලා යාමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් එච්. රත්නායක ගේ මඟපෙන්වීම යටතේ එම ක්‍රීඩකයින් තිදෙනාම ජාතික පාපන්දු කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සමඟින් නුදුරේදී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරඟාවලියේදී තරඟවැදීමට නියමිතව ඇත.

පසුගිය කාලයේදී යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපතී ධූරය හෙබවූ බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ අඛණ්ඩ උත්සාහය හේතුවෙන් කොරෝනා වසංගතයෙන් පසු යුද්ධ හමුදාවේ පාපන්දු ක්‍රීඩාවට උද්යෝගයක් ලැබූවේ මෙම පාපන්දු ක්‍රීඩකයින් තිදෙනා ජාතික පාපන්දු කණ්ඩායමට තේරීපත්වීමෙන් අනතුරුවය. බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු සහ පාපන්දු පුහුණුකරුවන්ගේ මඟපෙන්වීම යටතේ එම ක්‍රීඩකයින් තිදෙනා පසුගිය මාස හය තුළ පුහුණු වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වූහ.