Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2022 16:54:51 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ උපදෙස් මත කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයෙහි රාජකාරි කරනු ලබන සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීමේ උපහාර උළෙලක් පසුගිය සිකුරාදා (23) දින එම බලසේනා මූලස්ථානයෙදී පැවැත්වූ අතර, එහිදී ඔවුන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුෂාර සිල්වා විසින් එහිදී, සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයින් අමතමින් රටට සේවය කිරීමට කැපවූ ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කළේය.

එහිදී යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක, පුහුණු පරීක්‍ෂක, බ්‍රිගේඩියර් භටකාර්ය සම්පාදක නිලධාරී සහ බ්‍රිගේඩියර් පරිපාලන නිලධාරී විසින් සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 31 දෙනෙකු වෙත සහතිකපත්‍ර සහ ත්‍යාග ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සුභසාධන ශාඛාව වෙතින් සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.