26th September 2022 19:00:34 Hours
57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස්හී මූලිකත්වයෙන් කොලොන්දුපිලවු, අංගෙයිකත්ත පෙරපාසලේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පෙරපාසල් ළමුන් 24 දෙනෙකු වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (22) දින අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.
අංගෙයිකත්ත පෙරපාසල් කාර්ය මණ්ඩල වෙතින් ලබාදුන් තොරතුරු මත 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් චමින්ද වන්නිආරච්චි ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් විසින් ළමුන් වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදී.
මෙම අවස්ථාවට 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්න, 572 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කමල් අමරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.