Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2022 18:45:34 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් සොයා වැටලීම් කිහිපයක්

3 වන (ස්වෙච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟින් එක්ව අගෝස්තු මස 12 වන දින සිට සැප්තැම්බර් මස 20 දින දක්වා සිදුකරනු ලැබූ වැටලීම් කිහිපයකදී රුපියල් මිලියන 3 ක් පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයා ගන්නා ලදී.  

එමෙන්ම, මෙම වැටලීම් අතරතුර වාහන කිහිපයක් සමඟින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 59 ක්, හෙරොයින් මිලිග්‍රෑම් 260 ක්, නීතිවිරෝධී මත්පැන් ලීටර් 1155 ක් සහ ගංජා පැළ 3120 ක් සොයාගනු ලැබූ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අදාළ පොලිස් ස්ථානයන් වෙත භාරදෙන ලදී.