26th September 2022 18:10:34 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සිය බලප්‍රදේශය පිළිබඳ දැනුවත්වීමේ අරමුණින් 231 වන බලසේනා මූලස්ථානයේ සහ 233 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේ පසුගිය බදාදා (20) දින ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය.
එම ක්‍ෂේත්‍ර සංචාරයේදී, ප්‍රථමයෙන්ම මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන නාවල්අඩි පිහිටි 6 වන ගජබා රෙජිමේන්තුව වෙත පැමිණි අතර, එහිදී 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ සහ එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.එම්.ජේ.බී. රණරාජා විසින් පිළිගන්නා ලදී. අනතුරුව 231 වන බලසේනාව වෙත පැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර විසින් පිළිගන්නා ලදී.
මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සමගින් 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග ද මෙම ක්‍ෂේත්‍ර සංචාරය සඳහා එක්වූ අතර, ක්‍ෂේත්‍ර සංචාරයන් අතතුර ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර භටපිරිස් අමතමින් සිය රාජකාරීන් නිසි අයුරින් ඉටුකිරීමේ වැදගත්කම පිලිබඳව අවධාරණය කරන ලදී.