26th September 2022 19:12:34 Hours
මාපිටි කන්ද, මොරවක කීරම කන්ද ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා (24) දින ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු විගස ක්‍රියාත්මක වු ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කඩිනමින් එම ලැව්ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.
12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල ගේ උපදෙස් මත 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.වයි ශ්‍රීමාල් ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් පැය කිහිපයක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කළහ.
අක්කර 30 ක පමණ භූමි ප්‍රමාණයක් පුරා පැතිර තිබූ ලැව්ගින්න භටපිරිස් විසින් එම ප්‍රදේශයට කිසිදු හානියක් සිදුනොවන ලෙස මැඩපැවැත්වූහ.