Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2022 16:27:20 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මාන්කුලම් ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පසුගියදා මාන්කුලම්, ෂන්මුගරත්නම් ප්‍රාථමික විද්‍යාලයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් වෙත සපත්තු, නිල ඇඳුම් සහ පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

රොහාන් අප්පුහාමි, රෝෂිකා ද සිල්වා, හිමන්ත ද සිල්වා සහ හර්බට් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් ලද අනුග්‍රාහකත්වය මත අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 49 දෙනෙකු වෙත මෙම පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය.

573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්න ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් සහභාගී වූ අතර පරිත්‍යාගශීලීන් ද මෙම වැඩසටහන සඳහා එක්වූහ.