Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2022 16:34:14 Hours

ලුතිනන් කර්නල් ප්‍රජාත් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි

කීර්තිමත් යුද්ධ හමුදා නිලධාරියෙකු වන 7 වන ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ප්‍රජාත් විජේසිංහ අසනීප තත්ත්වයක් හේතුවෙන් බ්‍රහස්පතින්දා (22) දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 54 වන වියේ පසුවිය.

අභාවප්‍රාප්ත වනවිට ලුතිනන් කර්නල් ප්‍රජාත් විජේසිංහ කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (පාලන) ධුරයේ රාජකාරි කටයුතු හෙබවූවේය.

එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළදී, යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), 11 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මාධ්‍ය නිලධාරී ඇතුළු තවත් ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

එතුමන්ගේ දේහය අංක 486/7, දෙදල්ගලවත්ත, මිල්ලෑව, හොරණ පිහිටි එතුමන්ගේ නිවසේ තැන්පත් කර ඇත.