Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2022 10:00:01 Hours

‘යුද්ධ හමුදා මූලධර්ම’ පිළිබඳ යුද්ධ හමුදා නිලධාරින් දැනුවත් කෙරේ

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ ගේ මඟපෙන්වීම මත එම අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ‘යුද්ධ හමුදා මූලධර්ම’ පිළිබඳ යුද්ධ හමුදාවේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා දේශන මාලාවක් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස, 2022 සැප්තැම්බර් මස 15 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ පුහුණු දිනයට සමගාමීව පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (පර්යේෂණ සංකල්ප හා මූලධර්ම) ලුතිනන් කර්නල් ඩී.එල්.යූ. ද තාබෲ විසින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරීන් දැනුවත් කිරීමේ දේශනයක් ද පවත්වනු ලැබීය.

මෙම දේශනය සඳහා කර්නල් (විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් තවත් නිලධාරීන් 52 දෙනෙක් සහභාගි වූහ.