Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2022 17:38:51 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කේ. පුවිතරන් නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවයි

‘ආසියානු මළල ක්‍රීඩා උළෙල - 2023’ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරඟාවලිය 2022 සැප්තැම්බර් මස 17 දින සිට 19 දින දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී, 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සාමාන්‍ය සෙබල කේ. පුවිතරන් රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා සංචිතයේ දක්‍ෂ ක්‍රියාකාරී ක්‍රීඩකයෙකු වන සාමාන්‍ය සෙබල කේ. පුවිතරන් ක්‍රීඩකයා රිටි පැනීමේ ඉසව්වෙන් මීටර් 5, සෙන්ටි මීටර් 15 ක වාර්තාගත උසක් සනිටුහන් කරමින් ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට සුදුසුකම් ලැබීය.

චාවකච්චේරි රජයේ හින්දු විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ කේ. පුවිතරන් 2021 වසරේදී සාමාන්‍ය සෙබළෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනි. ඔහු මීට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ක්‍රීඩා උළෙලේදී දිනාගත් රන් පදක්කමට අමතරව ජාතික කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේදී සහ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේදී රිටි පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ දක්‍ෂ ක්‍රීඩකයෙකි.