21st September 2022 11:59:01 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී 2022 සැප්තැම්බර් මස 20 දින අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 79 වන වියේ පසුවිය.
එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළදී, 1 වන කාර්ය සාධක බලකායේ ආඥාපති, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ නියෝජ්‍ය සමස්ත මෙහෙයුම් ආඥාපති වැනි ධුරයන් හොබවා ඇත. එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක තනතුර ද හෙබවූවේය.
අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක (විශ්‍රාමික) ගේ දේහය මේ වනවිට අංක 50/3/1, ගලේදන්ද රජමහා විහාර මාවත, කුරුකුලාව, රාගම පිහිටි එතුමන්ගේ නිවසේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2022 සැප්තැම්බර් මස 22 දින සවස 4.30 ට ඇල්දෙණිය සුසාන භූමියේදී සිදුකෙරේ.