Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2022 21:45:57 Hours

73 වන යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සියල්ල සූදානම්

‘ජාතියේ රැකවරණය’ වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර දිනය වර්ෂ 2022 ඔක්තෝබර් මස 10 දිනට යෙදී තිබේ. යුද පිටියේදී මෙන්ම ලෝකයේ වෘත්තීයමය සංවිධාන අතරින් වඩාත් විශිෂ්ඨත්වයට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දේශීය හා විදේශීය වශයෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලබා ඇති සාර්ථකත්වයන් හේතුවෙන් ගෞරවයට පාත්‍ර වී ඇත.

මෙවර යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැත්වීමට නියමිත ප්‍රධාන සංවත්සර දින සැමරුම් උත්සවයට ප්‍රථම ආශිර්වාද වැඩසටහන් කතරගම, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, කොල්ලුපිටිය ජුම්මා පල්ලිය, වැල්ලවත්ත මයුරපති කෝවිල, මහනුවර ශ්‍රී දළදා මාලිගාව, බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය යන සියලු ආගමික ස්ථානයන්හිදී පැවැත්වෙන අතර බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවය, යුද්ධ හමුදා දින පෙළපාලිය සහ තවත් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වේ.