20th September 2022 21:00:07 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් කුෂිල් ගුණසේකර මහතා ප්‍රමුඛ ‘ගුණ ජය සතුට පදනමේ’ අනුග්‍රාහකත්වය මත පසුගිය ඉරිදා (18) දින වැලිකන්ද ප්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේලා සහ සිසු සිසුවියන් වෙත වියළි සලාක පාර්සල් ප්‍රදානය කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ මගපෙන්වීම සහ අධීක්‍ෂණය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් වැලිකන්ද, කඩවත්මඩුව ඓතිහාසික විහාරස්ථානයේදී මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එහිදී, දහම් පාසල් සිසු සිසුවියන් සහ භික්‍ෂුන් වහන්සේලා වෙත රුපියල් ලක්‍ෂයක වටිනාකමකින් යුත් කිරිපිටි පැකට්, බිස්කට් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහභාගී වූ අතර මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් හල්පගේ විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලි නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.