Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2022 18:14:16 Hours

513 වන බලසේනාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා තේරී පත්ව සිටින යාපනය චූලිපුරම් වික්ටෝරියා විද්‍යාලයේ ක්‍රිස්ටිගා සෙල්වරාසා ක්‍රීඩිකාවගේ ක්‍රීඩා දක්‍ෂතා වැඩි දියුණු කරගනිමින් ඉදිරියට යාම සඳහා දිරිගැන්වීක් ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කරගනිමින් නල්ලූර් ප්‍රදේශයේ තියාහී පුණ්‍ය භාරකාර මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ඇයගේ පවුල වෙත නව නිවසක් ඉදිකිරීම සඳහා පසුගිය දා මුල්ගල් තැබීය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස ඇය ලබාගෙන ඇති ජයග්‍රහණ අගයමින් නව නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙ‍නරල් චන්දන විජයසුන්දර, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඒ උදය කුමාර සහ 513 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම් රිස්වි රාසික්ගේ උපදෙස් මත 51 වන සේනාංකයේ 513 වන බලසේනා බල ප්‍රදේශයේ පිහිටි 16 වන ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් නව නිවස ඉදිකිරමේ කටයුතු සිදුකරයි.

යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘතීන් සඳහා අනුග්‍රාහකත්ව දක්වන විදෙස් රටක පදිංචි තියාහී පුණ්‍ය භාරකාර මණ්ඩලයේ සභාපති වාමදේවන් තියගේන්ද්‍රන් මහතා විසින් ක්‍රිස්ටිගා සෙල්වරාසා ක්‍රීඩිකාවට නව නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙ ලදී. මීට මාස කිහිපයකට පෙර 51 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් උදය කුමාරගේ උපදෙස් මත 513 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රිස්වි රාසික්ගේ සම්බන්ධීකරණයෙන් විදෙස් රටක පදිංචි ධානපතියෙකුගේ අනුග්‍රාහකත්වය මත දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් සිදුකරගෙන යනු ලබන ක්‍රිස්ටිගා සෙල්වරාසා ක්‍රීඩිකාව වෙත මාසිකව රුපියල් 5000.00 මූල්‍යමය ශිෂ්‍යත්වයක්ද පිරිනමනු ලැබීය.

51 වන සේනාංකයේ සේනාංකාධිපති, 513 වන බලසේනාවේ බලසේනාධිපති සහ අනුග්‍රාහක වාමදේවන් තියගේන්ද්‍රන් මහතා විසින් හින්දු ආගමික වතාවත් සහ සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් පසුගිය සිකුරාදා (16) දින චුල්ලිපුරම ප්‍රදේශයේ නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලදී. එම උත්සවයෙන් අනතුරුව, 51 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ක්‍රිස්ටිගා සෙල්වරාසා ක්‍රීඩිකාවගේ පවුලේ සාමාජිකයින් වෙත මුදල් පරිත්‍යාගයක්ද ලබා දෙන ලදී.