Header

Sri Lanka Army

Defender of the Nation

14th September 2022 17:00:18 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගැමුණු හේවා බලකායේ ගෞරවාචාරය

උසස්වීම් ලද ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරල් වජිර වෙලගෙදර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (03) දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි උසස්වීම් ලද මේජර් ජෙනරල් වජිර වෙලගෙදර වෙත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, එතුමන් රට වෙනුවෙන් දිවිපිදු ගැමුණු හේවා බලකායේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී එම රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුද කළේය.

පසුව, එම රෙජිමේන්තු භටපිරිස් විසින් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.  

ඉන් අනතුරුව, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජානක විමලරත්න ගේ ආරාධනයකට අනුව මේජර් ජෙනරල් වජිර වෙලගෙදර සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක්විය.  

මෙම උත්සව අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයන් පිරිසක් එක්වූහ.