14th September 2022 12:01:14 Hours
මන්නාරම පිහිටි 54 වන සේනාංකයේ බුද්ධි අංශයේ භටපිරිස් සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව මන්නාරම ප්‍රදේශයේ යොදවා තිබූ මාර්ග බාධකයකදී අද (14) දින උදෑසන රුපියල් මිලියන 2.5 ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක ප්‍රමාණයක් සොයාගනු ලැබූහ.
තලෙයිමන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් තුළ තිබී හිමිකරුවෙකු රහිත මෙම අයිස් මත්ද්‍රව්‍ය පාර්සලය මාර්ග බාධකයේ සිදුකළ පරීක්‍ෂාවකදී පෙරවරු 8.30 ට පමණ සොයා ගන්නා ලදී.
යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම මත්ද්‍රව්‍ය පාර්සලය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී.
එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ප්‍රශ්න කිරීම සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත රැගෙන යනු ලැබීය.