Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2022 17:22:30 Hours

හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා භටපිරිස් රුධිරය පරිත්‍යාග කරයි

රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනාව යටතේ සේවයේ නියුතු සාමාජිකයින් 100 දෙනෙකුට අධික පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුවේ සම්බන්ධීකරණයෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් පසුගිය සිකුරාදා (09) දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ මඟපෙන්වීම යටතේ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල, 122 වන බලසේනාවේ බලසේනාධිපති සහ කොළඹ රාජකීය විද්‍යාලයීය රතු කුරුස සංගමය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නදීක කුලසේකර විසින් මෙම මානුෂීය වැඩසටහනේ වැදගත්කම පිළිබඳ පෙන්වාදීමෙන් අනතුරුව අවශ්‍යතා සහිත රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂා කරගැනීම උදෙසා මෙම වැඩසටහන වෙනුවෙන් දායකත්වය දැක්වීමට නිලධාරින් සහ සෙසුනිලයන් යොමුකරවනු ලැබීය.

රුධිර පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ ලේ බැංකුවේ වෛද්‍ය නිලධාරීන්, නිලධාරීන් සහ සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ස්තුතිය පුදකළහ.