Header

Sri Lanka Army

Defender of the Nation

12th September 2022 20:13:35 Hours

රුහුණු විශ්වවිද්‍යාල උපාධි අපේක්‍ෂකයින් වෙනුවෙන් ‘වාහන නඩත්තුව’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉල්ලීමකට අනුව බූස්ස පිහිටි 61 වන සේනාංකය විසින් එම විශ්වවිද්‍යාලයෙහි උපාධි අපේක්‍ෂකයින් සඳහා ‘වාහන ක්‍රියාකරවීම සහ ඒවායේ නඩත්තු කටයුතු’ යන මැයෙන් වැඩමුළුවක් පසුගිය අඟහරුවාදා (6) දින 61 වන සේනාංක මූලස්ථානයේදී පවත්වනු ලැබූහ.

61 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත බූස්ස කඳවුරේ ක්‍ෂේත්‍ර වැඩපොලෙහි අණදෙන නිලධාරී සහ එහි තාක්‍ෂණික කාර්ය මණ්ඩලය විසින් කරාපිටිය වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන උපාධි අපේක්‍ෂකයින් සඳහා මෙම එක්දින වැඩමුළුව පවත්වන ලද අතර, එහිදී න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව ලබාදෙනු ලැබූහ.

මෙම වැඩමුළුව සඳහා වෛද්‍ය සිසුන් 22 දෙනෙකු සහභාගී වූ අතර, වැඩමුළුව අතරතුර උපදේශක කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා සැසියක්ද පැවැත්වූහ.