12th September 2022 20:07:02 Hours
සහකාර ශාරීරික අභ්‍යාස පුහුණු පාඨමාලා අංක - 126 හි පුහුණුව ලැබූ ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශකයන් පිරිසකගේ විසිරයාමේ උත්සවයක් පසුගිය සිකුරාදා (09) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පැවැත්විණි.
එහිදී, ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශකයන් ලෙස සුදුසුකම් ලැබූ සෙසුනිලයන් 164 දෙනෙකු සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම - 4 දක්වා සුදුසුකම් ලැබූ ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශකයන් 38 දෙනෙකු වෙත සහතිකපත් පිරිනැමිණි.
සහතිකපත් ප්‍රදානය කිරීමට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් රුක්‍ෂාන් කන්නන්ගර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස විශේෂ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ජී.ඒ.එස් දයානන්ද ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල ආර්.එම්.කේ දිල්හාරා පාඨමාලාවේ දක්‍ෂතම කාන්තා ශිෂ්‍යාව ලෙස ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය. පාඨමාලාවේ දක්‍ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබල එස්. හෙට්ටිආරච්චි සහ හොඳම ශාරීරික යෝග්‍යතායෙන් හෙබි සෙබලා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබල එස්.එස්.ඒ.එච්.එම් හේරත් සම්මාන හිමිකරගත් අතර පාඨමාලාවේ හොඳම කණ්ඩායම් අණදෙන්නා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.කේ සම්පත් යන ශිෂ්‍ය පුහුණු උපදේශකවරුන් දක්‍ෂතාවයන් අනුව ස්ථාන හිමිකරගන්නා ලදී.
සහකාර ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශකයන්ගේ විසිරයාමේ උත්සවය නැරඹීම සඳහා යුද්ධ හමුදා නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ උපදේශකයින් පිරිසක්ද එක්වූහ.