Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2022 20:00:27 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා සැප්තැම්බර් මස 6 දින දියතලාව 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක නිරත විය.

එම කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සමන්ත සිල්වා, 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඩී.එච්.එස්.එල්. කුමාරසිරි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ.

අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරින් සහ සෙසුනිලයන් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර පැළයක් රෝපණය කිරීම සඳහා එක්විය.