10th September 2022 20:30:27 Hours
උසස්වීම් ලැබූ විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිවුදෙනෙකු වන මේජර් ජෙනරල් විපුල ඉහළගේ, මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස්, මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම සහ මේජර් ජෙනරල් මහින්ද රණසිංහ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (03) දින නාවුල විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
එහිදී, උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිව්දෙනා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකරමින් උත්සවයේ ආරම්භය සනිටුහන් කරන ලදී.
ඉන් අනතුරුව, උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිව්දෙනා පිළිවෙලින් භටපිරිස් අමතමින් යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ දැක්ම පිළිබඳ ප්‍රකාශ කරනු ලැබූහ.
අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිව්දෙනා කඳවුරු පරිශ්‍රයේ පැළ රෝපණය කිරීමෙන් පසුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයකට ද එක්වූහ.
එහිදී, විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සිය සුබපැතුම් එක්කළේය.
මෙම උත්සවය සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ විශේෂ බලකායේ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.