Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2022 20:56:27 Hours

යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගත් තැබේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ මූලිකත්වයෙන් යාපනය, මුහාවිල් ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා පසුගිය සිකුරාදා (08) දින මුල්ගල් තැබීය.

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න සහ 552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයනාත් ජයවීර ගේ උපදෙස් සහ අධීක්‍ෂණය මත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම මුල්ගල් තැබීමේ උත්සවය සංවිධානය කරන ලදී.

‘Reecher Farm Private Limited’ සමාගම වෙතින් ලබාදෙනු ලබන මූල්‍ය අනුග්‍රහකත්වය මත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරීමට නියමිතව ඇත.

මෙම උත්සව අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, 552 වන බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන් සහ නිවාසලාභී පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්වූහ.