09th September 2022 13:00:31 Hours
මඩ/මන්මුනේ බටහිර පාවට්කොඩිච්‍චේනෛ විනයාගර් විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් එම විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් කටයුතු සඳහා සිය ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.
231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ අධීක්‍ෂණය හා සම්බන්ධීකරණය මත මෙම ක්‍රිඩා පිටියේ ඉදිකිරීම් කටයුතු පසුගිය බදාදා (07) දින ආරම්භ කරන ලදී. මෙම ක්‍රීඩා පිටියට අවැසි යටිතල පහසුකම් සඳහා එම ප්‍රදේශයේ වැසියන් සිය මූල්‍ය ආධාර ලබාදුන්හ.
මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, මඩකලපුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ අහිලා කනගසූරියම් මහත්මිය, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, 23 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් කසුන් අධිකාරි, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආර් මුරුගේෂ් පිල්ලේ මහතා, මඩ/මන්මුනේ බටහිර පාවට්කොඩිච්‍චේනෛ විනයාගර් විද්‍යාලයේ විදුහල්පති එස් පුෂ්පහරන් මහතා, දෙමවුපියන් සහ සිසු සිසුවියන් පිරිසක් ද එක්වූහ.