08th September 2022 12:25:23 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සැප්තැම්බර් මස 5 දින සිට 6 දින දක්වා මල්වාන ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන්ව පාසැල් වෙත යෑමට නොහැකිව සිටි සිසු සිසුවියන්ට පාසැල් වෙත යෑම සඳහා අවශ්‍ය පහසුකම් සලසනු ලැබීය.
අධික වර්ෂාපතනයත් සමඟින් මල්වාන - කඩුවෙල ප්‍රදේශ හරහා ගලාබසින කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මල්වාන ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇතිවිය.
ඒ අනුව, 141 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන් විසින් එම ඒකකයේ භටපිරිස් යොදවමින් යුද්ධ හමුදා බෝට්ටු, බස් රථ භාවිතා කරමින් පාසල් ළමුන් හට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයනු ලැබීය.