07th September 2022 16:00:56 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් 259 කොටසෙහි මට්ටක්කුලිය ග්‍රාම නිලධාරී වසමේ යටතේ පිහිටි ප්‍රදේශයන්හී ගංවතුර හේතුවෙන් විපතට පත් වැසියන් සඳහා පිසූ ආහාර පාර්සල් 100 කට අධික ප්‍රමාණයක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (6) දින ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් අධික වර්ෂාපතනය නොතකා විපතට පත් මෙම පවුල් වෙත ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රොහාන් ජයමාන්න විසින් මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ සහ අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබීය.
එසේම, ගංවතුර තත්ත්වය හමුවේ විපතට පත් වැසියන් වෙත සහනාධාර පහසුකම් සැලසීමේ කටයුතු සිදුකිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් වෙත සිය සහයෝගය දැක්වීමට ද භටපිරිස් කටයුතු කරන ලදී.